වරාය කෙටුම්පත කඩිනමින් සම්මත කිරීම වැරදියි -ලිබරල් පක්ෂය

schedule  2021-May-20
library_books Article, General

ප්‍රවෘත්ති නිවේදනයයි -

වරාය කෙටුම්පත කඩිනමින් සම්මත කිරීම වැරදියි

ලිබරල් පක්ෂය

2021.05.20

 

ලිබරල් පක්ෂයේ මහලේකම් නීතීඥ කමල් නිශ්ශංක මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කර සිටින්නේ රජය විසින් වරාය නගර විශේෂ ආර්ථික කලාප කෙටුම්පත (වරාය නගර කෙටුම්පත) සදහා මහජන සංවාදයක් ඇතිවීම වලක්වමින් ඉතා හදිසියේ සම්මත කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව ලිබරල් පක්ෂය දැඩිව අප්‍රසාදය පලකරන බවය. තවද අප්‍රේල් අලුත් අවුරුදු නිවාඩු සමයේ අධිකරණය ඇතුලු රජයේ ආයතන ගණනාවක් නිවාඩු දී තිබුන තත්වය තුල එම පනත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද ලිබරල් පක්ෂය තම අප්‍රසාදය පළකරන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී. කෙසේ නමුත් ඉතා සීමිත ඉඩකඩක් තුල පුරවැසියන් විසින් පෙත්සම් 19 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර එකී කෙටුම්පතේ ව්‍යවස්තානුකූලභාවය අධිකරණ තීන්දුවක් මගින් විමසා සිටීම ලිබරල් පක්ෂය අගයකර සිටී.

 

ලිබරල් පක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විමර්ෂණය කිරීමේදී ඉතා පැහැදිලිව පෙනී යන්නේ රජය විසින් මෙකී පනත තුල අවස්ථා 25 කදී පමණ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව උල්ලංගනය කර ඉදිරිපත් කර ඇති බැවින් රජය ආණ්ඩු ක්‍රමව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට ප්‍රසිද්ධියේ දිවුරුම් දී ඇති නමුත් එය උල්ලංඝණය කිරීමට දැඩි ප්‍රියතාවයක් දක්වන බවයි.

 

රජය මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන පන්සියයක් පමණ ජාත්‍යන්තරව ණය ගැති වී බැවින් එකී ණය ගෙවාගැනීම සදහා චීනයෙන් මුදල් ලබා ගැනීම හදිසි අවශ්‍යතාවයක් කරගෙන ඇති බවත් එකී මුදල්වලට වන්දිය ලෙස දැනට ඉදිකර ඇති වරාය නගරය සම්පූර්ණයෙන් චීනයට ලබා දීමට කටයුතු කරන බව ලිබරල් පක්ෂය ප්‍රකාශකර සිටී. ඉදිරියේදී මෙම පනත ක්‍රියාත්මක වුවහොත් වරාය නගරය තුල ඉදිකරන සමාගම් තීරු බදු සහන සහ දේශිය ආදායම් බදුවලින් නිදහස් කර ඇති අතර, ඒවා සම්බන්ධයෙන් බදු ප්‍රතිපත්ති සකස් කිරීමත්, මුදල් කටයුතු අධීක්ෂණය කිරීමත් පරිපාලන කටයුතු අධික්ෂණය කිරීමත්ටත් පාර්ලිමේන්තුවට ඇති හැකියාව සම්පූර්ණයෙන් බැහැරකර ඇති බවත් ප්‍රකාශ කර සිටී.

තවද කෙටුම්පතෙහි ප්‍රධානම අංගය වන වරාය නගර කොමිසමේ සාමාජිකයන් ශ්‍රී ලාංකිකයන්ම විය යුතු නැති බවත් පනත මගින් චීනයට වෙනම පරිපාලන ඒකකයක් නිර්මාණය කරන බැවින් එකී පනත සදහා ලිබරල් පක්ෂය විරෝධය පලකර සිටී. තවද මෙම පනත මගින් වරාය නගරය මුදල් විශුද්ධිකරණය කිරීමේ තෝතැන්නක් බවට පත්වන බවට ලිබරල් පක්ෂය ප්‍රකාශ කර සිටී.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුකූලව පනත් කෙටුම්පතේ සංශෝධනය කල යුතු සියලු වගන්ති සදහා පූර්ණ පාර්ලිමේන්තු විවාදයක් සිදුකර ඒ අනුව පනත් කෙටුම්පත සංශෝධනය කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටින බවත් ඊට අමතරව එම සංශෝධිත කෙටුම්පත ජනමත විචාරණයක් සදහා ඉදිරිපත් කිරීම වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාව බවත් ලිබරල් පක්ෂයේ මතය බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

 

කමල් නිශ්ශංක

මහ ලේකම්,

ලිබරල් පක්ෂය

Latest News