ලිබරල් පක්ෂයේ ප්‍රවෘත්ති නිවේදනය

schedule  2019-Apr-22
library_books Article, news

පහරදීම කර ඇත්තේ පටු අරමුණු ගණනාවක් මුල්කරගෙන  -  ලිබරල් පක්ෂය

ලිබරල් පක්ෂයේ නායක කමල් නිශ්ශංක මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් වර්ෂ 2019.04.21 වන ඉරු දින පාස්කු දේව මෙහෙය පැවති දේවස්ථාන තුනකද, ප්‍රධානපෙලේ සංචාරක හෝටල් තුනකද, දෙහිවල සහ දෙමටගොඩ ස්ථාන දෙකකද සිදුකරන ලද පිපිරීම් දැඩි ලෙස හෙලා දකින අතර එකී ක්‍රියාව මගින් අහිංසක ජීවිත 300 කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වී ගොස් ඇති බැවින් එකී සියළු පවුල් වල සාමාජිකයන්ට ලිබරල් පක්ෂය සිය ශෝකය ප්‍රකාශ කරයි. එමෙන්ම දැනට අරෝග්‍යශාලාවල ප්‍රතිකාර ලබන සියළුම අයට ඉක්මන් සුවය ලැබේවායි ලිබරල් පක්ෂය ප්‍රාර්ථනය කර සිටියි.

මෙම සිදුවීම නිරීක්ෂණය කිරීමේදී ඉතා පැහැදිලිව පෙනී යන්නේ අරමුණු රාශියක් මුල්කරගෙන මෙම පහරදීම කර ඇති බවයි. පහරදීම හේතුවෙන් ලංකා‍වේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් ඇතිවන අතර විදේශ ආයෝජන ක්ෂේත්‍රයද දුර්වල වීමට ඉඩ ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි.

පහරදුන් කණ්ඩායම අන්තවාදී ආගමික සංවිධානයක හෝ දේශපාලන සංවිධානයක සාමාජිකයන් විය හැකි අතර රජය රටේ ආරක්ෂාව පිළිබද මීට වඩා කැපවිය යුතු බවත් ඉදිරියේදී මෙවැනි සිදුවීම් වලක්වා ගැනීම සදහා ප්‍රභල ආරක්ෂක පියවරන් රැසක් ගතයුතුබවත් ලිබරල් පක්ෂය විශ්වාසය කරනු ලබයි. කෙසේවෙතත් මෙම ඛේදජනක අවස්ථාවේ සියළු පුරවැසියන් සාමකාමීව සහ ඉවසිලිවන්තව හැසිරෙන ලෙසත් අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීමට ආරක්ෂක අංශයට සහාය දෙන ලෙසත් ලිබරල් පක්ෂය ජනතාවගෙන් ඉල්ලා සිටියි.  

 

 

කමල් නිශ්ශංක

නායක

ලිබරල් පක්ෂය

2019/04/22

Latest News